Sansara gamane - Amaradewa

සංසාර ගමනේ තණ්හා ආශා ක්ලේශ මාර සේනා... ස්වර්ණ ලොවට යන මඟ ගිරි දුර්ග සදන්නේ බිහිසුණු රුදු වේශ මවා මඟ අවුරන්නේ... ආදරයේ බැමි සිඳිලා පෑරුණු සිත සංසිඳිලා ස්වර්ණ ලොවට යන මග මල් දෙපස පිපෙන්නේ ඈතින් එම රන් විමනේ එළිය පෙනෙන්නේ... සතර පෙර නිමිති දුටුවේ සසර දුක නිසා එතෙර විය හැකි ය එගොඩට මුනිඳු බණ අසා සැනසුම හමුවේ..... සියලු දුක් නිවේ..... රචනය - ධර්මසිරි ගමගේ සංගීතය - ප්‍රේමසිරි කේමදාස ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව

Loading...

Related Videos