තාරාදේවී Tharadevi 8

1987 වසරේ දී ජාතික රූපවාහිනියෙන් විකාශය වූ තාරාදේවී ටෙලිනාට්‍යය ලූෂන් බුලත්සිංහලයන්ගේ විශිෂ්ඨතම ටෙලි නිර්මාණය වේ. එම වසරේදී පැවැත්වූ විජය රූපවාහිනී සම්මාන උළෙලේ දී නිර්දේශිත සම්මාන 11න් 9ක් ම මෙම ටෙලිනාට්‍යයට හිමිවීම ඊට නිදසුන් වේ. නීතිය හමුවේ අසරණ වූ මොහොතක ලද තම දරුවා වෙනුවෙන් ජීවත්වීමේ උතුම් අරමුණ පෙරදැරි කරගෙන, තමා වෙත එල්ලවන සියළුම අභියෝගවලට මුහුණ දෙමින්, රංගන ශිල්පිනියක් ලෙස ජීවිකාව ගෙන යන උතුම් මවකගේ කතා වස්තුවක් මෙයින් දිගහැරේ. මේ ටෙලිනාට්‍යය අතිශයින්ම ජනප්‍රිය වීමට තවත් හේතුවක් වන්නේ, මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් පද රචනා කල, ගුණදාස කපුගේ ශූරීන් විසින් ගයන "මංමුලා වී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ" යන ගීතයයි. එය මේ ටෙලිනාට්‍යයේ සාරාංශයක් බඳු ය. මෙහි රංගනයෙන් අනෝජා වීරසිංහ, ජැක්සන් ඇන්තනී, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, බුද්ධි වික්‍රම, මානෙල් වානගුරු, ආනන්ද වික්‍රමගේ, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ලියෝනි කොතලාවල, වින්සන් කරුණාරත්න, රම්‍යා වනිගසේකර, පී. බී. මයිල්ලෑව, දයා තෙන්නකෝන්, කාන්ති ෆොන්සේකා, ගාමිණී සමරකෝන්, දීපානි සිල්වා, අනුර බණ්ඩාර රාජගුරු, ග්‍රැන්විල් රොද්‍රිගූ, වසන්ත විට්ටච්චි, අතුල වී සමරවීර, සැන්ටින් ගුණවර්ධන, එච්. ඒ. පෙරේරා, මහේන්ද්‍ර පෙරේරා, හර්ෂ බුලත්සිංහල, ක්‍රිස්ටි පෙරේරා, දිලූපා දමයන්ති, ලානා ද සොයිසා යන නළු නිළි පිරිස දායක වූ අතර සංගීතය සේන වීරසේකරයන්ගෙනි.

Loading...

Related Videos